පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද විශිෂ්ඨ ජයග්‍රහණයට පසුව, ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා විසින් හෙට දිනයේ දී විසි තුන් දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිද්ධ නොවන අතර, මුදල් හා ආරක්ෂක අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතේ ම පවතිනු ඇතැයි පැවසේ. ඊට අමතරව, විජිත හේරත් මහතා විදේශ කටයුතු අමාත්‍ය ධූරය හොබවනු ඇත.
හෙට පත් කරන කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අගහරුවාදා දිනයේ දී පැවැත්වේ.
අග්‍රාමාත්‍යවරියට අමතරව, තවත් එක් කාන්තා කැබිනට් අමාත්‍යවරියක් පත් වීමට නියමිත ය.
අමාත්‍යංශ ලේකම්වරු රැසක් වෙනස් වීමට නියමිත අතර, මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය වෙනස් නොවන බව පැවසේ.