මෙම වසරේ දේශීය ඇඟලුම් කර්මාන්තයෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ඉක්මවා යනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා.
එම සංසදය කියා සිටියේ පසුගිය වසරට සමානව මෙම වසරේදී අපනයන ආදායමක් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ බවයි.
කෙසේ වෙතත් 2024 පළමු භාගය තුළ ඇඟලුම් අපනයන ආදායම 2022 හා සම මට්ටමක පැවැති අතර එය 2024 දෙවන භාගය තුළදී, උපයාගත් ආදායමේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබී තිබෙනවා.
2023 සඳහා වාර්තා වූ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ක් වූ අතර එය 2022 දී වාර්තා වූ ඩොලර් බිලියන 5.6 ට වඩා 18.8% කින් අඩු විය.