නොවැම්බර් මුල් දින 20ට සංචාරකයින් 120,000ක් ලංකාවට එයි

නොවැම්බර් මාසයේ මුල් දින විස්ස තුළ දිවයිනට පැමිණ තිබෙන විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 120, 961 ක් බව වාර්තා වේ.

මෙය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව හා සසදා බැලීමේ දී 17% ක වර්ධනයකි.

මේ වසර අවසන් වන විට, සංචාරකයන් මිලියන දෙක ඉක්මවා රටට පැමිණෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

මේ දක්වා පැමිණ තිබෙන මුළු සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.74 ඉක්මවා ගොස් තිබේ.

නොවැම්බර් මාසයේ මේ දක්වා පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සලකා බැලීමේ දී දෛනික සංචාරක පැමිණීම 6,048 කි.

ඔක්තෝබර් මාසයේ මුල් දින දින විස්සට අදාල දෛනික පැමිණීම් හා සසදා බැලීමේ දී එය 17% ක වර්ධනයක් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *