පාරේ බැහැලා යන්න බෑ,මන්ත්‍රී අර්චුනා පොලිස් ආරක්ෂාව ඉල්ලයි

දසවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පැවති දිනයේ දී විපක්ෂ නායකට හිමි අසුනේ අසුන් ගැනීමත් සමාජ මාධ්‍යයේ සජීවීව පෙනී සිටිමින් සිදු කළ ප්‍රකාශත් හේතුවෙන් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා අද ඔහුට ආරක්ෂාව අවශ්‍ය බව පාර්ලිමේන්තු බළධාරීන්ට දැනුම් දුන්නේ ය.

විශේෂයෙන්ම, විපක්ෂ නායක අසුනේ අසුන් ගැනීමෙන් පසුව, තමන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වී ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.

මන්ත්‍රීවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා, අනෙකුත් පුරවැසියන්ගේ මෙන්ම මන්ත්‍රීවරුන්ගේද ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම භාරවී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යංශයට බව පැවසී ය.

එබැවින්, තමන්ට තිබෙන තර්ජනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුවත් කරන ලෙසද නියෝජ්‍ය මහලේකව්යරා මන්ත්‍රීවරයාට දැනුම් දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *