ඉදිරි අයවැයෙන් වැට් බද්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියද ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.විශේෂයෙන් තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සඳහා වැඩි ප්රතිශතයකිනුත් සෙසු භාණ්ඩ හා සේවා සඳහා ඊට වඩා අඩු ප්රතිශතයකිනුත් වැට් බද්ද අඩු කිරීමට නියමිත බව සඳහන් වෙයි.
අනතුරුව වැට් බදු අනුපාත 3 ක් ක්‍රියාත්මක කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි. ඉදිරි අයවැය ලේඛනය ලබන පෙබරවාරි මස 17 දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැට් බද්ද අඩු කිරීමෙන් රජයට අහිමිවන ආදායම ප්‍රතිපූර්ණයට විකල්ප ආදායම් යෝජනා ගණනාවක්ද අයවැයෙහි ඇතුළත් බව වාර්තා වෙයි.