රට විරුවන් ලංකාවට එවූ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 06 සීමාවට ළගා වෙයි

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් 2024 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 530.1 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම වාර්තාවක් මගින් පෙන්වා දේ.

ඒ අනුව 2024 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මාස 11ක කාලපරිච්ඡේදය තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,961.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2023 වසරේ මුල් මාස 11හි ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 5,399.8 හා සැසඳීමේ දී 10.4% ක වර්ධනයකි.

කෙසේවෙතත් 2024 නොවැම්බර් මාසයේ දී ලද ප්‍රේෂණ ප්‍රමාණය 2023 නොවැම්බර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 537.3 ප්‍රේෂණ ප්‍රමාණයට වඩා පහළ අගයයක් ගෙන තිබේ. වාර්ෂික පදනම මත මාසික ප්‍රේෂණ ලැබීම් 2023 වසරට වඩා 2024 වසරේ දී මේ දක්වා පහළ ගොස් ඇති එකම මාසය ලෙසින් ඒ අනුව 2024 නොවැම්බර් මාසය සැලකිය හැකිය. මේ පිළිබඳ ප්‍රස්ථාර සටහනක් පහතින් දැක්වේ.

WEI 20241206 e 14 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *