වෙනම විමර්ශන කොට්ඨාසයක් ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යළි අරඹයි

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) ප්‍රතිසංස්කරණය කර එය අංගසම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස නැවත ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම ඒකකය නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ අධ්‍යක්ෂකවරයකු යටතේ වෙනම විමර්ශන කොට්ඨාසයක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආයතනයකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති පැමිණිලි විභාග කිරීම දුෂ්කර කාර්යයක් බැවින් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙනත් ඒකකයක් ලෙස නැවත පිහිටුවීමට මෙසේ කටයුතු කරමින් සිටියි.

පසුගිය රජයන් සමයේ රටේ සිදුවූ බරපතළ මූල්‍ය අක්‍රමිකතා වංචා දූෂණ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන අලුතින් පිහිටුවන මූල්‍ය අපරාධ කොට්ඨාසය හරහා විමර්ශනය කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *