නිවසට සමීප රෝහලෙන්ම පිළිකා සදහා ප්‍රතිකාර ලබා දීමට පියවර

ශ්‍රී ලංකාවේ පිළිකාවට එරෙහි සටනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල, හම්බන්තොට සහ රත්නපුර යන රෝහල්වලට උසස් විකිරණ චිකිත්සක උපකරණ ගෙන ඒමේ දෙවන අදියර ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම අද (20) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු වුණා.

ඒ අනුව නුදුරේදීම පිළිකා රෝගීන්ට නිවෙසට සමීප රෝහලකදී පිළිකා සඳහා වන විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ලැබිමට නියමිතයි. ඒ මඟින් රෝගියා මෙන්ම ඔවුන්ගේ පවුලේ සියලු දෙනාට ඇතිවන අපහසුතාවයන් අවම කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *