ඩොලර් මිලියන 400 නිල් මැණිකට හිටපු රාජ්‍ය ඇමති දෙන්නෙක් කෙල හලයි – ව්‍යාපාරිකයා ජනපති හමු වෙයි

මැණික් ව්‍යාපාරිකයෙකු වන තුෂාර පෙරේරා නමැති අයෙකු, ඔහු සතුව ඩොලර් මිලියන 400 ක පමණ වටිනාකමින් යුතු නිල් මැණිකක් ඇති බව සදහන් කරයි. 

මෙම නිල් මැණික ඔහුට ලැබී ඇත්තේ 2017 වසරේ දී ය. 

එතැන් සිට, විවිධ දේශපාලනඥයන්, මෙම මැණික ඩැහැ ගැනීමට කර තිබෙන උත්සාහයන් පිළිබදව වාර්තාවක් ජනවාරි මාසයේ 23 වන දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණි. 

නුවර ප්‍රදේශයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු මෙම මැණික් ගල අලෙවි කිරීම සදහා මැදිහත් වීමට තමන් සූදානම් බව පවසා, ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන 150 ක මුදලක් ඒ සදහා ඉල්ලා ඇති බව ඩේලි මිරර් වාර්තාවේ සදහන් විය. ඊට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යරයෙකුද නිල් මැණික අලෙවි කර දීම සදහා අල්ලස් මුදලක් ඉල්ලා තිබේ. 

ඊට අමතරව, 2018 වසරේ දී, මෙම නිල් මැණික හේතුවෙන්, ත-ුෂාර පෙරේරා නමැති එම ව්‍යාපාරිකයා පැහැර ගැනීමකට ලක්ව තිබෙන බව ද ඩේලි මිරර් වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත්, ජනාධිපති අනුර කු-මාර දිසානායක මහතා ඊයේ දිනයේ දී අදාල ව්‍යාපාරිකයා ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය අද වාර්තා කරයි.

නිල් මැණික විකිණීමට අදාල කටයුතු ඔහුට සම්පාදනය කර දීම එම හමුවේ අරමුණ වී තිබේ.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *