මහින්දානන්ද ගෙදරින් කෑම ගෙන්න අවසර ඉල්ලයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. 

ඒ, තමන්ට නිවසින් රැගෙන එනු ලබන ආහාර පාන ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින්. 

ඔහු මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “එම් ටූ” වාට්ටුවේ තවත් රැඳවියන් 10කට ආසන්න පිරිසක් සමග රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද රඳවා සිටින්නේ එම වාට්ටුවේයි.  
 

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු ඔහුට ද වෙනත් රැඳවියන්ට ලබා දෙන සියලු පහසුකම් ලබාදුන් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

ඒ අනුව ඔහුට ද කොට්ටයක්, පැදුරක්, පිඟනක් සහ කෝපයක් ලබාදී තිබෙනවා.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *