විදුලි බල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමේ වගන්ති ඉවත් කරමින් ගැසට් නිවේදනයක්

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ඒ අනුව මීට පෙර පනතෙන් විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර 
පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉවත් කර තිබේ.

නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීමේ වගන්ති ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අමාත්‍යාංශය පැවසුවේ කඩිනමින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *