දෙකයි පනහට වැටුණු අපි මාස හතෙන් මිලියනයක් ඡන්ද ගත්තා – ඩී.වී චානක කියයි

දෙකයි පනහට වැටුණු අපි ඡන්ද මිලියනයක් ගත්ත එක ලොකු වර්ධනයක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.ප) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“පොදු ජන පෙරමුණ දෙකයි පනහට වැටුණු පක්ෂයක්. වැටෙන්න පුළුවන් උපරිම තැනට වැටුනා.මීට  මාස හතකට කලින් මට තිබුණු ලොකුම ප්‍රශ්නය පාර්ලිමේන්තු මැතිවරණයට දහ දෙනකුට නාම යෝජනා දෙන එක. මාස හතක් වැනි කෙටි කාලයක් ඇතුලත පසුගිය මැතිවරණයේදී වැඩිම වර්ධනයක් ගන්න අපට හැකි වුණා. ඡන්ද ප්‍රමාණයෙන්  මෙන්ම  ඡන්ද ප්‍රතිශතයේ වර්ධනයක් අප වාර්තා කළා.මිලියනයකට ආසන්න ඡන්ද දායකයන් සියලු දෙනාට අප ස්තූතිවන්ත විය යුතුයි. ඔබ තුමාලට සීයට හයට එන්න අවුරුදු 60ක් ගියා. ආණ්ඩුවක් පිහිටුවන්න අවුරුදු හැටක් ගියා. අපේ දෙකයි පනහ සීයට දහයකට වැඩි කරගන්න, ඡන්ද මිලියනයකට වැඩි කරගන්න ගියේ මාස හතයි.ඔබතුමාලා නැවත සීයට තුනට වැටෙන තුරුම හිනා වෙවී ඉන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *