නිල සංචාරයක් සදහා ජනපති අනුර ලබන මාසයේ ජර්මනියට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව ඇත.

අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව තහවුරු කර සිටියේය.

“අපේ සංචාරක ක්ෂේත්‍රය වැටෙන්න කලින් ජර්මානු ඇතුළු යුරෝපා සංචාරකයෝ අපට ආවා. අද ඒක අඩුවෙලා තියෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා ජර්මානු සංචාරකයන් ලංකාවට පැමිණීම වැඩිකරන්න, දෙරට විදියට අපට මොනවද කරන්න පුළුවන් කියලා. 

අපි පිරිස වැඩිකරනවා වගේම ඉහළ මට්ටමේ සංචාරකයන් කැඳවා ගැනීම ඉලක්ක කළ යුතුයි” යනුවෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *