අනාගතයේ නාමල් ජනපති,සජිත් අගමැති වුවද විය හැකියි – සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර

“නාමල් ජනපති – සජිත් අගමැති” හෝ “සජිත් ජනපති – නාමල් අගමැති” සන්ධානයක් වුවද අනාගතයේ දී බිහිවිය හැකි බව, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ බණ්ඩාර පවසයි.

ඔහු මේ බව පැවසූවේ හිරු නාලිකාව ඔස්සේ විකාශය වු බලය වැඩ සටහන හා එක් වෙමිනි.

පොදු සතුරා මාලිමාව බවට පත් වී ඇති බැවින්, මේ ආණ්ඩුව පරාජය කිරීමේ ශුද්ධ සන්ධානයක් ඇති කර ගත යුතුව ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

එහිදී ඔහු එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ඇතිවන සන්ධානයක් පිළිබදවද තමන් බලාපොරොත්තු සහගතව පසුවන බව පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *