අනතුරු අඩු කිරීමට පාදික මාරු රාත්‍රියේ ආලෝකමත් කිරීමේ වැඩපිළිවෙලක් අරඹයි

පදික මාරු රාත්‍රි කාලයේ අලෝකමත් කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි මාර්ග ආරක්ෂාව හා රථවාහන කළමණාකරණය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කේ.චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේ, පළමු අධියරේදී හඳුනාගත් අවදානම් ස්ථානවල පිහිටි පදික මාරු ආලෝකමත් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ සඳහා සූර්ය පැනල යොදා ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේ ය.

කේ.චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේ, මේ තුළින් රාත්‍රි කාලයේ පදික මාරු මතින් ගමන් කරන පුද්ගලයින් රියදුරන්ට හොඳින් දර්ශනය වන අතර එමගින් ඔවුන්ට සිදුවන අනතුරු අවම වන බවයි.

මේ වනවිටත් කුරුණෑගල ගාල්ල හා කොළඹ දිස්ත්‍රික්කවල එවැනි පදික මාරු 140 ක් ආලෝකමත් කර තිබේ.

පදික මාරු මත සිදුවන අනතුරු හේතුවෙන් වාර්ෂිකව විශාල පිරිසක් ජීවිතයක්ෂයට පත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *