දුමින්ද යළිත් මැගසින් බන්ධානාගාරයට

රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමුකළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර තිබේ.

අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා සැකකරු බන්ධානාගාර රෝහලට යොමු කෙරුණි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා සඳහන් කළේ දුමින්ද දිසානායක මහතා විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කළ බවයි.

වැල්ලවත්ත මහල් නිවාස සංකීරණයකදී රන් පැහැ ගැල්වූ ටී 56 ගිනි අවියක් සොයා ගැනීම සමබන්ධයෙන් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් හිටපු ආමාත්‍යවරයා පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *