මේකට අනුර කුමාර ජනාධිපතිවරයාට ස්තූති කරන්න ඕනෙ – හර්ෂ කියයි

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව රටේ ජයග්‍රහණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මෙම නඩු තීන්දුව හරහා පෙන්නුම් කරන්නේ විනිසුරු මඩුල්ලට නොබියව තමන්ට සුදුසු යැයි හැ‍‍ගෙන තීන්දුවක් ලබාදීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ස්තූතිවන්ත විය යුතු බවයි SL VLOG නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

දූෂණය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු බවට පත්වීම නිසා, අනෙකුත් අයටත් පාඩමක් වන ලෙස සලකා දැඩි තීන්දුවක් ලබාදී ඇති බවත්, කවුරුන් හෝ මින් ඉදිරියට මෙවැනි දෙයක් සිදුකර ලිස්සා යාමට කටයුතු කරන්නේ නම් එසේ කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

දූෂණය නැති කළ හැකි නම්, රටේ අනාගතයට එය සුබවාදී වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *