මහින්දානන්දට ඇප ගන්න හැකියාව ඉතාම අඩුයි – ජ්‍යේෂ්ඨ නීතීඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම කියයි

බරපතල වැඩ ඇතිව ඉතා දීර්ඝ කාලීන සිරදඩුවමකට යටත්ව සිටින හිටපු අමාත්‍යවරුන් දෙදනෙකු වන මහින්දානන්ද අළුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු යන චූදිතයන් දෙදෙනාට ඇප ලබා ගැනීමට තිබෙන හැකියාව ඉතාම විරළ බව ජ්‍යේෂ්ඨ නීතීඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම පවසයි. 

ඉරිදා මවුබිම පුවත්පතට මේ සම්බන්ධයෙන් ඒ මහතා දක්වා තිබෙන අදහස අපි පහත උපුටා දක්වමු. 

“මෙම නඩු තීන්දුව ලබා දෙන්නේ කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්. ඒ නිසා මෙම නඩුව තීන්දුවට එරෙහිව අභියාචන ඉදිරිපත් කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්, දින දා හතරක් ඇතුළත. මෙකී අභියාචන ඉල්ලීමට යටත්ව ඇප අයදුම්පතක්ද ඉදිරිපත් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. 

මෙවැනි නඩු තීන්දුවකට අභියාචන පෙත්සමක් ඉදිරිපත් කරන්න පුලුවන් වෙන්නේ එක් වතාවක් පමණයි. මෙවැනි අභියාචන පෙත්සම් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් නඩු අසන්නේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ. ඒ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට අදාල තීන්දුව ලබා දී තිබෙන නිසා. 

අතීතය සලකා බැලීමේ දී මෙවැනි ආකාර නඩුවලට අභියාචන පෙත්සම් ඉදිරිපත් කොට ඇප ලබා ගැනීම හරිම විරලයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *