අඩු මිලට තෙල් දෙන්න අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් බලශක්ති ඇමති හමු වෙයි

අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ, අද (මැයි 30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝ කාලීනව සාධාරණ මිලකට ලබා ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇතිකර ගැනීම මෙන් ම මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මගින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළදපොළ තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි සහ අබුඩාබි ජාතික තෙල් සමාගමේ Crude and Condensate හි ජ්‍යෙෂ්ඨ උප සභාපති අබ්දුල්ලා අල් කුබායිසි ඇතුළු විධායක නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *