සමාජ මාධ්‍යයේ අපහාසාත්මක පෝස්ට් පළ කළොත් කෝටියක් දඩ, වසර 7ක සිර දඩුවම් – පොලිසිය කියයි

ව්‍යාජ ගිණුම් සමාජ මාධ්‍යයේ පළ කර­මින් ජන­තාව අප­හ­සු­තා­වට පත් කරන පුද්ග­ල­යන්ට එරෙ­හිව පොලී­සි­යට නොගොස් ඉතා පහ­සු­වෙන් පැමි­ණිලි යොමු කිරීමේ අව­ස්ථාව මේ වන විට ජන­තා­වට ලබා දීමට පොලී­සිය පිය­ව­ර­ගෙන ඇත. කුරු­ණෑ­ගල මැලේ මුස්ලිම් දේව­ස්ථා­න­යේදී පැවති වැඩ­මු­ළු­ව­කදී කුරු­ණෑ­ගල පොලිස් සේවස්ථ පුහුණු මධ්‍ය­ස්ථා­නයේ පොලිස් පරී­ක්ෂක අශෝක ප්‍රියන්ත මේ බව පැව­සීය.

එවැනි පුද්ග­ල­යන් අධි­ක­ර­ණය මඟින් වැරැ­දි­ක­රු­වන් බවට තීර­ණය කළ­හොත් ඔවුන් රුපි­යල් කෝටි­යක දඩ­ය­කට සහ වසර හතක සිර දඬු­ව­ම­කට යටත් කළ හැකි බවද පොලිස් පරී­ක්ෂක අශෝක ප්‍රියන්ත පවසා සිටි­යේය. ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩ­ලය විසින් ක්‍රියා­ත්මක කරනු ලබන අන්ත­ර්ක­ර­ණය සංහි­ඳි­යාව සහ සමාජ සාධා­ර­ණ­ත්වය සඳහා වන බහු­විධ ක්‍රියා­කා­රිත්ව ව්‍යාපෘ­තියේ මෙහෙ­ය­වී­මෙන් කුරු­ණෑ­ගල දිස්ත්‍රික් අන්තර් ආග­මික කමි­ටුව සහ කුරු­ණෑ­ගල මානව හිමි­කම් සංවි­ධා­නය එක්ව සංවි­ධා­නය කළ වැඩ­මු­ළු­ව­කදී ඔහු මේ කරුණු ප්‍රකාශ කළේය.

මාධ්‍ය අව­භා­වි­තය සහ එහි නීති­මය පැති­කඩ සම්බ­න්ධ­යෙන් වන 2004 අංක 9 දරන සමා­ජ­ගත මාර්ග­ගත ක්‍රම­යන්හී සුර­ක්ෂි­ත­භා­වය පිළි­බ­ඳව වැඩ­මු­ළු­වට සහ­භා­ගි­වූ­වන් දැනු­ම්වත් කිරීමේ දේශ­න­ය­කදී ඔහු මේ කරුණු සඳ­හන් කළේය.

“මෙම පනතේ ඇති 23 වැනි වග­න්තිය යටතේ ජන­තා­වට පුළු­වන් තමන්ට එරෙ­හිව කරනු ලබන අසත්‍ය චෝදනා සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි ඉදි­රි­පත් කරන්න. ඒ සම්බ­න්ධ­යෙන් අපේ ඒක­ක­යට පැමි­ණිලි කළ­හොත් අපි ඒ ගැන විම­ර්ශ­න­යක් කරලා අදාළ ගිණුම හිමි­ක­රුට දැනුම් දෙනවා පැමි­ණි­ල්ලට අදාළ එම පෝස්ටුව ඔහුගේ ගිණු­මෙන් ඉවත් කරන ලෙසට. ඒ සඳහා අපි පැය 24ක කාල­යක් එම තැනැ­ත්තාට ලබා දෙනවා. යම් හෙය­කින් ලබා දෙන පැය 24ක් ඇතු­ළත එම පෝස්ටුව ඉවත් නොක­ළ­හොත් ඊළ­ඟට එම පුද්ග­ල­යාට එරෙ­හිව අපි පනතේ 24 වැනි වග­න්තිය යටතේ ක්‍රියා­ත්මක වෙනවා.

එම 24 වැනි වග­න්ති­යෙන් කියන්නේ අදාළ පුද්ග­ල­යාට එරෙ­හිව අධි­ක­ර­ණ­යට යාමයි. 25 වැනි වග­න්තිය යටතේ පුළු­වන් මුලින්ම අපිට පැමි­ණිලි කරපු කෙනාට තමන්ට අප­හාස කරපු පුද්ග­ල­යාට එරෙ­හිව අධි­ක­ර­ණයේ නඩු පව­රන්න. එයි­නුත් එහාට ගොස් අව­සා­න­යට පුළු­වන් 26 වන වග­න්තිය යටතේ දිසා අධි­ක­ර­ණ­යේද නඩු­වක් ගොනු කරන්න.

මේ වන විට ජන­තා­වට අව­ස්ථාව සල­සාදී තිබෙ­නවා පරි­ග­ණක අප­රාධ විම­ර්ශන ඒක­කය වෙත යන්නේ නැතිව අන්ත­ර්ජා­ලය හර­හාම ජන­තා­වට තමන්ගේ පැමි­ණිලි පහ­සු­වෙන් ඉදි­රි­පත් කරන්න. මේ සඳහා www.police.lk වෙබ් අඩ­වි­යට ගිහින් එහි තිබෙන අයැ­දු­ම්පත බාගත කර­ගෙන පුර­වලා අප වෙත එවී­මෙන් තමන්ගේ පැමි­ණිල්ල පහ­සු­වෙන්ම ඉදි­රි­පත් කිරීමේ අව­ස්ථාව දැන් ලබා දීලා තිබෙ­නවා. මේ තුළි­නුත් පුළු­වන් සමාජ මාධ්‍යයේ සැරි­ස­රණ ව්‍යාජ ගිණුම් ඉවත් කර­වන්න සහ ඒවා පව­ත්වා­ගෙන යන පුද්ග­ල­යන්ට එරෙ­හිව නීති­මය පිය­වර ගන්න. “පොලිස් පරී­ක්ෂක අශෝක ප්‍රියන්ත වැඩි­දු­ර­ටත් කරුණු ඉදි­රි­පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *