හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොළඹ මහාධිකරණය විසින් රුපියල් මිලියන 53ක රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට වසර 20ක සිර දඬුවමක් නියම කර තිබේ. මෙම චෝදනාවන්ට අනුව 2015 ජනාධිපතිවරණයට පෙර රාජ්‍ය අරමුදල් යොදා ගනිමින් කැරම් පුවරු බෙදා හැරීම සිදුව ඇත. මෙම සිද්ධියට අදාළව හිටපු වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාටද වසර 25ක සිර දඬුවමක් නියම විය.
මෙම තීන්දුවෙන් පසුව, අලුත්ගමගේ මහතාගේ බිරිඳ වන සේනානි ජයරත්න මහත්මිය සිය සැමියා වෙනුවෙන් පෙනී සිටිමින් අලුත්ගමගේ මහතාගේ නිල ෆේස්බුක් පිටුව හරහා දීර්ඝ සටහනක් පළ කර ඇත. එහිදී ඇය කියා සිටින්නේ තම සැමියා අහිංසක බවත්, වත්මන් ජාතික ජනබලවේගය (NPP) රජය යටතේ පවතින නීති ක්‍රියාවලිය දේශපාලන බලපෑම්වලට යටත් වී ඇති බවත්ය. තවද, අධිකරණ අමාත්‍යවරයාගේ මෑතකාලීන ප්‍රකාශයක්ද ඇය ප්‍රශ්න කර ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ තම සැමියාට එරෙහිව පතුරුවන පදනම් විරහිත චෝදනා සහ චරිත ඝාතන දැඩි ලෙස විවේචනය කර තිබේ.
















