බහලුම් නිදහස් කිරීම ගැන වාර්තාව අනූව ජනපති තීරණයක් ගන්නවා – ඇමති බිමල් කියයි

රේගු පරී­ක්ෂා­ව­කින් තොරව බහ­ලුම් 323ක් නිද­හස් කිරීම සම්බ­න්ධ­යෙන් යම් නිල­ධා­රි­යකු වර­දක් කර ඇත්නම් ඔවු­නට අනි­වා­ර්ය­යෙන්ම දඬු­වම් දෙන බව ප්‍රවා­හන මහා­මාර්ග වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා පව­සයි.

සිද්ධිය ඉතා­මත් කැත විදි­යට දේශ­පා­ල­නය භාවිතා කළ බව කී ඒ මහතා අද පෝලිමේ දැවැන්ත හොරු ඇතු­ළට යනවා.

ඒ නිසා නිල­ධා­රීන් ගැන ප්‍රශ්න­යක් නැහැ. එල්ලෙන්න වැලක් නැති අය මින් හඳු­නා­ගන්න පුළු­වන් වුණා යැයිද කීවේය.

බස් රථ රියැ­දු­රන්ට ආසන පටි අනි­වාර්ය කිරී­මෙන් අන­තු­රුව ඒ සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මට පිට­කො­ටුව බස් නැව­තු­ම්පොළ වෙත ඊයේ (01) ගිය අව­ස්ථා­වේදී මාධ්‍ය­වේ­දීන් ඇමැ­ති­ව­ර­යා­ගෙන් කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමින් මේ බව සඳ­හන් කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් ඇමැති බිමල් රත්නා­යක මහතා මෙසේද පැව­සීය.

“මේ සිද්ධිය ඉතා­මත් කැත විදි­යට දේශ­පා­ල­නය භාවිතා කළ මුජි­බර් රහු­මාන් ඊයේ පාර්ලි­මේ­න්තු­වේදී සම්පූ­ර්ණ­යෙන් පච වුණා. කලින් කිවුවා බස්නා­හිර පළාත් ආණ්ඩු­කා­ර­යාගේ කිවුවා. මාස පහක් ගිහින් මාව පැට­ලුවා. ඊයේ කතා­ව­ක්වත් නැහැ. ඊයේ කිසිම කතා­වක් නැහැ. අපි සත පහක් හොර­කම් කරන්නේ නැතිව ආණ්ඩු­වක් කර­නවා. හොර­කම් කරපු සජ­බයි අනෙක් පාර්ශ්වයි මඩ ගහන්න උත්සාහ කර­නවා. ජනා­ධි­ප­ති­තුමා තමයි කමි­ටුව දැම්මේ. සජබ දාපු කමි­ටු­වක් නැහැ. සජබ දැම්මේ මහා බැංකු හොර­කම වහන්න. ජනා­ධි­ප­ති­තුමා දාපු කමි­ටුව තමයි රේගු නිල­ධා­රි­න්ගෙන් වැරැ­ද්දක් වෙලා තිය­නවා කියලා තියෙන්නේ.එහෙම නැතිව සජිත් ප්‍රෙම­දාස දාපු කමි­ටු­වෙන් නොවෙයි. නාමල් දාපු කමි­ටු­ව­කින් නොවෙයි.මුජි­බර් දාපු කමි­ටු­ව­කුත් නොවෙයි. ජනා­ධි­ප­ති­තුමා කමිටු වාර්තාව ගැන ඉස්ස­ර­හට කට­යුතු කරයි. මේ අය බිල්ලො මවන්න කට­යුතු කර­නවා. ඒ ගොල්ලෝ වගේ තමයි අපිත් කියලා. ඉතාම සොරි කියලා තමයි අපට කියන්න තියෙන්නේ. ජනා­ධි­ප­ති­තුමා දාපු කමි­ටු­වෙන් වැරදි දෙකක් අනා­ව­ර­ණය වෙනවා. එකක් තමයි රේගු­වෙන් වුණු වැරැද්ද. වැරදි සහ­ගත ලෙස දේශ­පා­ලන බිල්ලෝ මවන්න පාවිච්චි කරන රහු­මාන්ලා සජිත්ලා රාජ­ප­ක්ෂලා ගැන තමයි කමි­ටු­වෙන් කියා තිබෙන්නේ. ඒ ගැන ජනා­ධි­ප­ති­තුමා තීර­ණ­යක් ගනීවි. කමි­ටුව පිළි­බ­ඳව කාට­වත් ප්‍රශ්න­යක් නැහැ. කමි­ටුව යම් අඩු­පා­ඩු­වක් හඳු­නා­ගෙන තිබෙ­නවා. මේ ගැන ලේක­ම්ව­රුන් අනෙක් අය කට­යුතු කරාවී. රේගු නිල­ධා­රින්ගේ වෘත්තීය සමි­තිය තමයි මේ සම්බ­න්ධ­යෙන් මාධ්‍ය සාක­ච්ඡා­වක් මුලින්ම තියන්නේ. ඒක මත තමයි රහු­මාන්ලා එල්ලුනේ. බස්නා­හිර ආණ්ඩු­කා­රයා කියලා මඩ ගහන්න පටන් ගත්තේ ඒකෙන්. අද ඒ ගැන වච­න­යක් නැහැ. නිල­ධා­රි­න්ගෙන් යම් අඩු­පා­ඩු­වක් විය හැකියි. ඊට වින­යා­නු­කූල පිය­වර ගත යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *