ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් ගුවන් සේවයේ නවතම වෙන් කිරීමේ (බුකින්) දත්ත අනුව, ලංකාව වැඩිම පිරිසකගේ ආකර්ශනය දිනා ඇති රටවල් තුන අතර සිටින බව වාර්තා වේ.
ලංකාව; එහි පොහොසත් සංස්කෘතික උරුමයත්, පිරිසිදු වෙරළ තීර – තේ වතු සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි සුඛෝපභෝගී අත්දැකීම් හේතුවෙන්, සෙවුම් පරිශීලකයන්ගේ 32% ක වර්ධනයක් පෙන්නුම් කරන බව එමිරේට්ස් ගුවන් සේවය පවසයි.
ජූලි සහ අගෝස්තු අතර කාලයේ දී ගිම්හාන සෘතුව උදාවන අතර, එම කාලය තුළ ගුවන් ගමන් සෙවීම්, පසුගිය වසරට සාපේක්ෂකව 7% ක වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වේ.