කෙහෙළියට එරෙහි නඩුවේ අධිචෝදනා මුද්රණය කිරීමට යන වියදම ගෙවීමට සී.අයි.ඩීය එකඟ වෙයි

ඉමියුනිග්ලෝබියුලීන් වංචාවට අදාලව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා මුද්රණය කිරීම සදහා රුපියල් මිලියන 1.5 ක් වැය වන බව පසුගිය දා වාර්තා වූ අතර, එම මුදල ගෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට එකඟ වී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබේ. 

මෙම මුද්රණ කටයුත්ත සිදු කරනු ලබන්නේ රජයේ මුද්රණ දෙපාර්තමේන්තුවයි. ඒ අනුව, එම ආයතනය සමග කරන ලද සාකච්ඡාවකට පසුව, මුද්රණ වියදම රුපියල් මිලියන 1.5 සිට, රුපියල් 866,565 දක්වා අඩුකර ගැනීමට හැකි වී තිබේ. 

මෙම මුද්රණ ක්‍රියාවලිය අවසන් කිරීමට දින 21 ක් ගත වන බැවින්, නඩුව දින විසි එකකට පසුව කැදවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලා තිබුණි. 

ඒ අනුව මෙම නඩුව සැප්තැම්බර් 16 වන දා කැදවීමට අධිකරණය නියෝග කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *