ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ අතුරුදහන් කිරීමේ නඩුවට ශානි අබේසේකර රජයේ සාක්ෂිකරුවෙකු කරයි

මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කිරීම සම්බ­න්ධ­යෙන් ගිරි­තලේ හමුදා කඳ­වුරේ හිටපු අණ­දෙන නිල­ධාරී ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමා­ජි­ක­යන් නව දෙන­කුට එරෙහි පවරා ඇති නඩුවේ රජයේ සාක්ෂි­ක­රු­වකු ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ශානී අබේ­සේ­කර මහතා නම් කර ඇති බව නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව ඊයේ (16දා) විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලට දැනුම් දුන්නේය. මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් වන ආචාර්ය නාමල් බලල්ලේ, මහේන් වීර­මන්, සුජීව නිශ්ශංක මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභා­ග­යට ගැනීම සිදු­විය. එහිදී අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ උපුල් කුම­ර­ප්පෙ­රුම මහතා අධි­ක­ර­ණ­යට ඉල්ලී­මක් කර­මින් මේ සිද්ධියේ විම­ර්ශන නිල­ධා­රියා ලෙස කට­යුතු කළ ශානි අබේ­සේ­කර මහතා පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වකු ලෙස නම් කරන මෙන් 2022 වස­රේදී ඉල්ලී­මක් ඉදි­රි­පත් කළ බව දැන්වීය.

එම අව­ස්ථාවේ පැමි­ණිල්ලේ නීති­ඥ­ව­රයා වූ එව­කට අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් කරුණු දක්ව­මින් ඉදි­රියේ දී මේ සම්බ­න්ධ­යෙන් කට­යුතු කරන බව දන්වා සිටි­යද මේ දක්වා එම ඉල්ලීම ඉටුව නොමැති බව කියා සිටි­යේය.

ඒ ගැන කරුණු දක්ව­මින් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් වසන්ත පෙරේරා මහතා සඳ­හන් කළේ මේ නඩුව සාක්ෂි ලැයි­ස්තුව සංශෝ­ධ­නය කර අලු­තින් සාක්ෂි­ක­රු­වන් නම් කර ඇති බවයි. ඒ අනුව පැමි­ණිල්ලේ 109 වැනි සාක්ෂි­ක­රුවා ලෙස ශානි අබේ­සේ­කර මහතා නම් කර ඇති බව දැනුම් දුන්නේය.

අන­තු­රුව ජනා­ධි­පති නීතිඥ උපුල් කුම­ර­ප්පෙ­රුම මහතා අධි­ක­ර­ණය අම­ත­මින් පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වකු වන රන්බණ්ඩා නමැත්තා අධි­ක­ර­ණය ඉදි­රියේ බොරු සාක්ෂි දුන් තැනැ­ත්තකු ලෙස නම්කර තිබෙන බවත් ඔහු එම සාක්ෂිය දීමට පෙර තමන්ට තර්ජන ඇති බවට නික­වැ­ර­ටිය පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇති බව පෙන්වා දුන්නේය. ඔහු බොරු සාක්ෂි දීම කර ඇත්තේ එම සිදු­වී­මෙන් පසුව නිසා මේ ගැන විම­ර්ශ­න­යක් කරන ලෙස ඉල්ලා සිටි­යේය.

එම ඉල්ලීම නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ඉදි­රි­පත් විය යුතු බව අධි­ක­ර­ණය දැනුම් දුන්නේය.

නඩුවේ පළමු විත්ති­කරු වන එව­කට ගිරි­තලේ හමුදා කඳ­වුරේ අණ­දෙන නිල­ධා­රියා ලෙස කට­යුතු කළ විශ්‍රා­මික බ්‍රිගේ­ඩි­යර් ෂම්මි කුමා­ර­රත්න නමැත්තා සාක්ෂි­ක­රු­ව­කුට තර්ජ­නය කිරීම සම්බ­න්ධ­යෙන් අප­රා­ධ­යක වින්දි­ත­යන් සහ සාක්ෂි­ක­රු­වන් ආරක්ෂා කිරීමේ විම­ර්ශන ඒක­කය කළ පැමි­ණි­ල්ලක් අනුව ත්‍රිකු­ණා­ම­ලය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් මේ වන විට රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ. 2010 වසරේ ජන­වාරි මස 25දා හෝ ඊට ආසන්න දින­ය­කදී ගිරි­තලේ, හබ­රණ හා කොට්ටාව යන ප්‍රදේ­ශ­ව­ලදී විත්ති­ක­රු­වන් තවත් නම් නොදත් පිරි­සක් සමඟ එක්ව රහ­සි­ග­තව සිර­කර තැබීමේ අර­මු­ණෙන් මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන යෑම හා මර­ණය සිදු­කි­රීම යන චෝදනා යටතේ නීති­ප­ති­ව­රයා විසින් දණ්ඩ නීති සංග්‍ර­හයේ 102 සමඟ කිය­විය යුතු 356, 140, 146 සමඟ කිය­විය යුතු 356, 146, 359, 32, 102 හා 113 ආ සමඟ කිය­විය යුතු 355, 32 සමඟ කිය­විය යුතු 355 හා 32 සමග කිය­විය යුතු 296 වගන්ති ප්‍රකා­රව විත්ති­ක­රු­වන්ට එරෙ­හිව කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා 17ක් ගොනු කර ඇත.

නඩුවේ විත්ති­ක­රු­වන් ලෙස ගිරි­තලේ හමුදා කඳ­වුරේ අණ­දෙන නිල­ධාරී ලුති­නන් කර්නල් ෂම්මි කුමා­ර­රත්න, ඩබ්ලිව්.ඩී. උප­සේන (සුරේෂ්), ආර්.එම්.පී.කේ. රාජ­පක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූප­සේන (රංජි), චමින්ද කුමාර අබේ­රත්න, කනිෂ්ක ගුණ­රත්න, අයි­යා­සාමි බාල­සු­බ්ර­ම­නි­යම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමා­ජි­ක­යන් නව දෙනකු නම් කර තිබේ.

අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ උපුල් කුම­ර­ප්පෙ­රුම මහතා පෙනී සිටි අතර විත්තිය වෙනු­වෙන් නීතිඥ රසික බාල­සූ­රිය ඇතුළු නීතිඥ මඬු­ල්ලක් පෙනී සිටිති. නඩු විභා­ගය සිදු­වන අව­ස්ථාව දැක­බලා ගැනී­මට අන්ත­ර්ජා­තික මානව හිමි­කම් සංවි­ධාන කිහි­ප­යක නියෝ­ජි­තයෝ අධි­ක­ර­ණ­යට පැමිණ සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *