පවතින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට විකල්පයක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය මූලික කරගෙන ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය’ නමින් නව ශිෂ්‍ය සංවිධානයක් ආරම්භ කළ බව එහි කැඳවුම්කරු සසිදු පෙරේරා පැවසීය.
නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සමග පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැළණිය, මොරටුව, ඌව වෙල්ලස්ස සහ වව්නියාව යන විශ්ව විද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් එක්ව සිටින බව ඔහු සඳහන් කළේ ය.
එසේ ම, ශ්‍රී පාලි මණ්ඩපයේ ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය, බල මණ්ඩලය, ඉන්ජිනේරු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්යායලයීය ආයුර්වේද වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය, අග්නිදිග ඉන්ජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය, දේශීය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සහ වයඹ කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සංගමය නව සංවිධානයට සහය පළකරන බව ද ඔහු කීවේ ය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නමින් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් කැඳවුම්කරු සසිදු පෙරේරා මේ බව ප්‍රකාශ කළේ ය.
සැබෑ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය තම කණ්ඩායම නියෝජනය කරන බව කී කැඳවුම්කරු වැඩි ම පිරිස් බලයක් සහිත ශිෂ්‍ය සංවිධානය ගොඩනැගීමට හැකිවූ බව ද ඔහු පැවසීය.
පවතින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විවිධ පුද්ගලයන්ගේ න්‍යායපත්‍රවලට අනුව ක්‍රියත්මක වන බවත් ඒ හේතුවෙන් පසුගිය කාලය තුළ එම සංවිධානය ජනතාවගෙන් ඈත්වූ බවත් හෙතෙම සඳහන් කළේ ය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන අයුරින් අවස්ථානූකූලව හැඩගැසීමට මැලිකමක් දක්වන බව පැවසූ කැදවුම්කරු නිදහස් අධ්‍යාපනය පුළුල් කිරීමට සහ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට නව ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනැගීම වෙනුවෙන් විශ්වවිද්‍යාලය සිසුන් සමග පසුගිය කාලයේදී සාකච්ඡාවට ගණනාවක් පැවැත්වූ බවද කීවේ ය.
නව සංවිධානය කිසිවෙකුගේ ඕනෑ එපාකම් මත තීන්දු තීරණ නොගෙන විශ්වවිද්‍යාල සිසුන්ගේ අයිතීන් දිනා දීමට ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ද කැඳවුම්කරු සසිදු පෙරේරා සඳහන් කළේ ය.