පාර්ලිමේන්තුව කැදවලා විපක්ෂ නායකත්වය මට දෙන්න – සීලරතන හිමි කියයි

විපක්ෂ නායකත්වයේ සිටිය යුත්තේ දක්ෂයෙක් බවත්, අදක්ෂයින්ට විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමට නොහැකි බවත් ජනසෙත පෙරමුණේ නායක, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

අනුව, විපක්ෂ නායකවරයෙක් ලෙස රටේ ගැටලු හා ජනතා ගැටලු පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත්, අද වන විට විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂ නායක ධුරයට තරගයක් නිර්මාණය වී ඇති බවයි අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.

විපක්ෂ නායකත්වයට තමන්ටද ආරාධනාවක් කරන ලෙසත්, පාර්ලිමේන්තුව කැඳවා විපක්ෂ නායක ධුරය තමන්ට ලබා දෙන ලෙසත් එම හිමියන් ඉල්ලා සිටිනවා.

එවිට විපක්ෂ නායකත්වය යනු කුමක්දැයි සිදුකර පෙන්වන බවයි පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *