රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්ද දිසානායක මුදාහැරීමට අධිකරණය නියෝග කරයි

වැල්ලවත්ත සුපිරි නිවාස සංකීර්ණයකින් රන් පැහැති ගිනි අවියක් සොයාගැනීමේ නඩුවට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද (29) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, නඩුව අද කැඳවූ අවස්ථාවේදී සෘජු හා පර්යේෂණ සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත T-56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය මැයි 23 වැනි දින අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, පසුව ඇප මත මුදාහැර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *