රනිල්ට සහාය දුන් සැමට එජාපය ස්තූතිය පල කරයි

මෙම කාලය පුරාවටම කැප වී වැඩ කරපු සියලු දෙනාට තම පක්ෂය වෙනුවෙන් ස්තූතිය පුද කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නීතිඥවරු 500කට වැඩි ප්‍රමාණයක් හා විශාල ජනකායක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා පැමිණීම සම්බන්ධයෙන්ද තමා සිය කෘතඥතාවය පළ කරන බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණි සියලුම දෙනාට සිය ස්තූතිය පළ කර සිටියේය.

විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ විපක්ෂනායකවරයා ඇතුළු සියලුම දෙනාටත් අනෙත් පක්ෂවල නායකයින්ටත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහාය ලබා දීම පිළිබඳව සිය ස්තූතිය පළ කරන බව එහිදී ඔහු සඳහන් කළේය.

එමෙන්ම ප්‍රතිවාදීන් ලෙස සිටි නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි සියලුම නීතිඥවරුන්ටත් ඔහු සිය කෘතඥතාවය පළ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *