ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසයේ අතිශය රහසිගත මෙහෙයුමට ජනපති අනුරත් ගේමට බැස්ස බව හෙළි වෙයි

ලංකා ඉතිහාසයේ පාතාලේ අල්ලන්න පොලිසිය ගහපු පට්ටම ගේම මේක බවත් ගේම ගහන්න ජනාධිපතිතුමත් වැඩේට බැස්ස බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සිය නවම යූටියුබ් විඩීයෝව ඔස්සේ කියා සිටී.

තවත් මාධ්‍යවේදීයෙකු සමග පැවැති එම සංවාදයේදී අනාවරණය වූයේ මෙම ඔත්තුව මූල්වරට පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලැබුණ බවත් සමස්ත මෙහෙයුම අධීක්ෂණය ජනාධිපතිවරයා විසින් සිදු කළ බවයි.

පොලිස් නිළධාරීන් 03 තිදෙනෙක් සමග ක්‍රියාත්මක වූ මෙහෙයුම දින 07ක් පුර පැවති බවත් මෙහෙයුම සැලසුම් සති 03කට පෙර ඇරඹී බවත් අනාවරණය වී තිබේ.

මේ අතර කෙහෙල් බද්දර පද්මේ සිය මුහුණ වසාගෙන ලංකාවට රැගෙන නොයන ඉල්ලා තිබේ. මෙය මේ වනවිට ඔහුව ඝාතනය කිරීමට අදාල සැලැස්මක් පිළිබදව සැකයක් මතු ව තිබේ.ඔහු මීට පෙර යූටියුබ් නාලිකාවක් සමග පවසා තිබෙන්නේ සිරගත කිරීමට වඩා තමන්ව ඝාතනය කිරීම මීට වඩා හොද බවයි.

ඒ හේතුවෙන් ඉන්දුනිසියානු පොලිසියද ඔවුන් රැගෙන ඒම ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *