වර්ථමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුතු නව පිරිපහදුවක් සපුගස්කන්දට

වර්ථමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුතු නව පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අභිලාශ කැදවීය.

අද දිනදී එහි එක් පියවරක් වශයෙන් ආයෝජක හමුවක් සූදානම් කොට තිබුණි.

මෙහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම ව්‍යාපෘතියේ අරමුණු ආයෝජකයන් හට පැහැදිලි කරනු ලැබුවේය.

මේ සදහා ඉතා විශාල විදේශ ආයෝජකයන් ප්‍රමණයක් හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන් සහභාගී වී සිටීම සුවිශේෂී කාරණයක් විය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ආයෝජකයන් සදහා ක්ෂ්ත්‍ර චාරිකාවක්ද සූදානම්කොට තිබුණි.

1969 න් පසුව ලංකා රජය විසින් මෙවැනි ව්‍යාපෘතියක් දියත් කරනු ලබනුයේ ප්‍රථම වරට වීම ඉතා සුවිශේෂී කාරනයක් වන අතර, මේ සදහා දෙස් විදෙස් ආයෝජකයන් දක්වන සුවිශේෂී උනන්දුවද ඉතා කැපීපෙනෙන ලක්ෂණයක් වී තිබේ.

වර්ථමාන රජය විසින් බලශක්ති ක්ෂ්ත්‍රය තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට ඇති ව්‍යාපෘති අතරින් මේම ව්‍යාපෘතිය සදහා ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *