අද සිට කොත්තු,රයිස් මිල රුපියල් 25කින් පහළ දමයි

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනප්‍රිය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීම් ක්‍රියාත්මක බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය (AICOA) නිවේදනය කර තිබේ.

AICOA සභාපති හර්ෂණ රුක්ෂාන් මහතාට අනුව, බත් පාර්සලයක, කොත්තු, බුරියානි, නාසි-ගුරන් පාර්සලයක්  මිල රුපියල් 25 කින් අඩු කෙරෙන අතර, බිත්තර රොටී, පරාටා ඇතුළු  සියලුම කෙටි ආහාර සඳහා ද රුපියල් 10 ක අඩුවීමක් දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *