සියලුම රාජ්‍ය සේවාවන් කාර්‍යාලයට නොයා ගෙදර සිට කරගන්න’රජයේ සුපර් ඇප්’ යෙදවුමකට කැබිනට් අනුමැතිය

රජයේ සේවාවන් තනි ඩිජිටල් යෙදුමක් හරහා ලබා දීම සඳහා ‘ආණ්ඩුවේ සුපිරි ඇප්’ (Government SuperApp) එකක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම ව්‍යාපෘතිය 2025-2026 කාල සීමාව තුළ අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර ඇත.

මෙම යෙදුම මගින් පුරවැසියන්ට පහසුවෙන් රජයේ ආයතනවල සේවාවන් රැසකට පිවිසීමට සහ විවිධ ගනුදෙනු සිදු කිරීමට අවස්ථාව සැලසේ. මෙය රටේ ඩිජිටල්කරණ ක්‍රියාවලියේ තවත් ඉදිරි පියවරක් ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *