එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමෙන් සමුද්‍රීය පරිසර පද්ධතියට සහ ජන ප්‍රජාවට සිද්ධ වූ හානිය වෙනුවෙන් ඩොලර් බිලියනයක වන්දියක් ගෙවිය යුතු බව, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නැව සමාගම අයත් මව් සමාගමට නියෝග කළේ ය.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන මෙම නියෝගය තමන් පිළි නො ගන්නා බවත්, ඒ අනුව, ඩොලර් බිලියනයක වන්දිය නොගෙන බවත් සිංගප්පූරුව පදනම් කරගත් නැව් සමාගම පවසයි.
නැව් සමාගමේ මෙම ස්ථාවරය, මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය හෙලා දැක තිබේ.
නැව මූදුබත් වීමෙන් මිනිසුන්ට, වෙරළ තීරයට සහ සමුද්‍ර ජීවීන්ට සිදු වූ හානියේ පරිමාව සමාලෝචනය කරන ලෙසත්, පීඩාවට පත් වූ ප්‍රජාවන්ට සහ පරිසර පද්ධතිය යුක්තිය ඉටු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය නැව් සමාගමෙන් ඉල්ලා සිටියි.