සිරිකොත පක්ෂ මුලස්ථානය අලුත්වැඩියා කරමින් රජයට පාඩු කළ ඉංජිනේරු සංස්ථාවේ නිළධාරියෙක් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ “සිරිකොත” පක්ෂ මූලක්ථානය අලුත් වැඩියා කිරීම සඳහා  ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රම වේදය අනුගමනය නොකර යොදවා ගැනීමෙන්  රජයට පාඩු කළේ යැයි කියන එම සංස්ථාවේ නිලධාරියකු අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගැනිණි.

එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය “ සිරිකොත ” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරිමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,667,294.87 ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද, සිදු කිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර  නිලූ දිල්හාර විජේදාස නැමැති එම සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *