අවුරුදු 12ට අඩු දරුවන්ට ජංගම දුරකථන තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජය සූදානම් වෙයි

ශ්‍රී ලංකාව තුළ අවුරුදු 12ට අඩු දරුවන්ට ජංගම දුරකථන තහනම් කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පවසනවා. 

ඒ අනුව, ඕස්ට්‍රේලියාව, චීනය වැනි රටවල් මේ වන විටත් ළමුන්ට දුරකථන භාවිතය තහනම් කර ඇති බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරිය සඳහන් කළේ. 

පිරිපුන් මනසකින් යුත් පුද්ගලයන් බවට පත් වීම සඳහා පොත පත, සාහිත්‍ය, කලාව ඇසුරු කළ යුතු බවත්, දුරකථන තිරවලින් ඉවත් විය යුතු බවයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *