පාතා­ල­යත් – කුඩුත් – දූෂිත දේශ­පා­ල­න­යත් දැන් යන්නේ අව­සන් ගමනේ – ඇමති සමන්ත විද්‍යාරත්න

මේ රටේ පාතා­ල­යත් කුඩුත් දූෂිත දේශ­පා­ල­න­යත් අව­සන් අදි­යරේ සිටින බව වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා පැව­සීය. ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා ඒ බැව් කියා සිටියේ නුව­ර­එ­ළිය නග­ර­සභා ශාලාවේ ඊයේ (26) පැවති ලංකා වතු සේවා සංග­මයේ රැස්වී­ම­කින් අන­තු­රුව මාධ්‍ය­යට අද­හස් දක්ව­මිනි. මෙහිදී ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා මෙසේ ද පැව­සීය.

“රටේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ගත්තොත් ඇත්ත­ටම ජාතික ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් විශාල ප්‍රශ්න­යක් අපට පේන්න නෑ. ජාතික ආර­ක්ෂාව තහ­වුරු වෙලා තිය­නවා. මේ රටේ ජාති­වාදී, ආග­ම්වාදී ගැටුම් දැන් නෑ. අනෙ­කුත් ගැටුම් නෑ. නමුත් පාතා­ලය පාතා­ලය අතර ගැටුම් තිය­නවා. මොකද මේ පාතා­ලය එක දව­සින් දෙකෙන් බිහි­වුණු එකක් නෙවෙයි. කාලා­න්ත­ර­යක් තිස්සේ දේශ­පා­ල­න­ඥ­යන් විසින් පෝෂ­ණය කර ඇති කරපු පාතා­ල­යක්. දැන් පාතා­ල­යට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක වන­විට පාතා­ලය පාතා­ලය අතර ගැටුම් උග්‍ර වෙලා. දූෂිත දේශ­පා­ල­න­යට තැනක් නැති­වන­විට, ඒ දේශ­පා­ල­නය සම්බ­න්ධ­යෙන් වංචා – දූෂණ ක්‍රියා­ත්මක වෙන­විට, කුඩු මර්ද­නය වෙන­විට පාතා­ලයේ පැවැ­ත්මත් දුර්වල වෙනවා. එත­කොට ඒ කට්ටිය තිබෙන දේවල් බෙදා­හදා ගන්න සට­නක නිරත වන ආකා­ර­යක් අපට පේනවා. ඒ වගේ වන­විට තමයි මේ සිදු­වීම් වෙන්නේ. අපට කියන්න වෙන්නේ පාතා­ල­යත්, කුඩුත්, අව­සන් ගමනේ යමින් තිබෙන බවයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *