විදුලිබල මණ්ඩල සේවකයන් විසින් රුපියල් බිලියන 12 කට ආසන්න මුදලක් ණය ලෙස ලබා ගෙන ඇති බවත්, එම ණය සදහා ගෙවිය යුතු පොලියෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් ගෙවා දමන්නේ ලංකා විදුලි බල මණ්ඩලය බවත් විෂය භාර අමාත්‍යවරයා වන කාන්චන විජේසේකර මහතා පවසයි.
විදුලිබල මණ්ඩල සේවකයන් විසින් ලබාගෙන ඇති ණය සදහා විදුලිබල මණ්ඩලය විසින් පොලිය ගෙවනවා යනු, එම පොලී මුදල ජනතාවගේ විදුලි බිලට එකතු කිරීමක් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.
මේ පිළිබදව තමන් අවධානය යොමු කළ බව පවසන අමාත්‍යවරයා, විදුලි බල මණ්ඩල සේවකයන් ලබාගෙන ඇති ණය සදහා ගෙවිය පොලිය, එම ණය ලබා ගත් ණය හිමියන්ගෙන් අයකර ගන්නා ලෙස විදුලි බල මණ්ඩලයේ පරිපාලනයට උපදෙස් දුන් බවද පවසයි.
සිය නිල ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ පවසා තිබුණි.
appppoiii but good decision