ඉන්දියානු සාගරයේ භූම්කම්පා ඉහළට – අදත් ප්‍රබල භූ කම්පනයක්

ඉන්දියානු සාගර මධ්‍යයේ පිහිටි අග්නිදිග කඳුවැටියක අද (21) ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන් වූ මෙම කම්පනය සිදුව ඇත්තේ සාගර අභ්‍යන්තරයේ සිට කිලෝමීටර 10ක ගැඹුරින් බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

මෙම ප්‍රදේශය මැඩගස්කරයේ සිට කිලෝමීටර 1,636ක් දුරින් පිහිටා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම බ්‍රසීලයේ ද ප්‍රබල භු කම්පනයක් සිදුව තිබෙනවා.

පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර 628ක ගැඹුරින් සිදුවූ මෙම කම්පනය රික්ටර් මාපාංකයේ සටහන් වී ඇත්තේ 6.6 ක් ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *