අයවැයට විරුද්ධ වු දේශපාලකයන්ට වතුකම්කරුවෝ එරෙහි වෙයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පැමට එරෙහිව බගවන්තලාවේ සහ මස්කෙළිය යන නගර වල වතු කම්කරුවෝ අද පස්වරුවේ විරෝධය දක්වමින් උද්ඝෝෂණයක නිරත වූහ

උද්ඝෝෂණවයට ආ වතු කම්කරුවන් කියා සිටියේ ඉතිහාසයේ කිසිදු දිනක උද්ඝෝෂණ සහ වැඩ වර්ජන කරමින් තම වැටුප වැඩි කර ලබා නොගත් බවත්, ඉතිහාසයේ පළමු වතාවට වැඩ වර්ජන හෝ උද්ඝෝෂණය නොකරමින් එක්වර රු.400ක වැටුපක් ලබා දීමට ජනාධිපතිවරයා සහ වත්මන් රජය කටයුතු කළ බවයි.

විපක්ෂය නියෝජනය කරන වතුකරයේ දේශපාලාඥයන් සහ විපක්ෂය ඇතැම් පිරිස් වතුකරයේ ජනතාවගේ දුක හදුනන්නේ නොමැති බවත්, තමන්ගේ දුක දන්නා පාලකයන්ට ඉදිරියෙදි තම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

බගවන්තලාව නගරයෙදි මිනී පෙට්ටියක් රැගෙන වතුකම්කරුවන් උද්ඝෝෂණය කරමින්  නාමල් රාජපක්ෂ මහතාගේ පිලිරුවක් සකස් කර එයට ද නගර මධ්‍යයේදි ගිනි තබා වැටුප් වැඩි කිරිමට විරුද්ධ වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපද ගිනි තබනු ලැබූහ.

image a1f6e681c4 Iri News

image 5012660533 Iri News
image 17e6df569b Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *