මත්ද්‍රව්‍ය ජාවාරම් කර අයථා ලෙස මුදල් ඉපැයු මාතලේ කිරිමැටිය ප්‍රදේශයේ අඹුසැමි යුවළකට අයත් නිෙවසක් හා නිෙවස වටා ආරක්ෂිත තාප්පය රෝලර් ගේට්ටුවක් සහිත දේපළ දින හතකට තහනම් කිරීමට මාතලේ පොලීසිය මගින් ලිපි භාරදීම මාතලේ සහකාර පොලිස් අධිකාරී එම්.එච්.පී.බී. විජේසිරි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන ලදි.
2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව දේපළ ක්‍රියා විරහිත කිරීම නියමයට අනුව කිරිමැටියාව ඕවිලිකන්ද මාතලේ පදිංචි හපුගොඩ ආරච්චි කංකානම්ලාගේ දුමින්ද දිල්රුක් හා කිරියා දේවලාගේ අයෝධ්‍යා දිලානි කුමාරි යන දෙපළට අයත් දේපළ දින 7කට මාතලේ පොලීසියේ සහකාර පොලිස් අධිකාරි බලය පිට මෙලෙස තහනම් කිරීම හා ක්‍රියා විරහිත කිරීම සිදු කෙරිණි.
මාතලේ පොලීසියේ කොට්ඨස අපරාධ විමර්ශන අංශය මගින් කරන ලද විමර්ශන පරිශීලනය කර අධ්‍යයනය කිරීමේදි එම පනතේ 35 වන වගන්තිය සඳහන් පරිදි නීති විරෝධි ක්‍රියාකාරකමක් වන 218 වන අධිකාරියේ විෂ මත්ද්‍රව්‍ය අබිං හා අන්තරායදායක ඖෂධ ආඥා පනතේ සංයුක්ත වන ක්‍රියා වන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් දේපළ උපයාගෙන ඇති බවට අනාවරණය වීමෙන් පසු මේ දේපළ තහනම් කිරීම අනුව නිෙවස වටා ඉදිකර තිබූ තාප්පය රෝලර් ගේට්ටුව යනාදිය තහනම් නියෝග ලබාදීම පනත අනුව සහකාර පොලිස් අධිකාරි බලය මත සිදු කළේය.
මේ නිෙවස විකිණීම අලුත්වැඩියා කිරීම හෝ කිසිවක් නොකරන ලෙසත් නිවැසියන්ට තරයේ අවවාද කරමින් තහනම් නියෝග ලිපිය භාරදීම සිදු කෙරිණි.
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක මහතාගේ උපදෙස් නියෝග හා පනතේ විධි විධාන අනුව සහකාර පොලිස් අධිකාරි අංක එක භාර එම්.එච්.පී.බී. විජේසිරි මහතාගේ අධීක්ෂණය යටතේ මාතලේ කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.කේ.ආර්.බී. ආරියරත්න මහතා හා කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උ.පො.ප. විජිත, ඇනස්ලි යන අය හා විශේෂ මෙහෙයුම් පොලිස් කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගි වූහ.