හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් අතරතුර සිය බිරිය, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීමට ලන්ඩනයට යෑම ගැන විමර්ශනය සඳහා එංගලන්නයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම වැදගත් තොරතුරු රැසක් සමඟ මෙරටට පැමිණ ඇත.
මේ කණ්ඩායම ලන්ඩන් ‘වුල්ෆ් හැම්ටන්’ විශ්වවිද්‍යාලයට ද ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
සහකාර පොලිස් අධිකාරීවරයකුගේ නායකත්වයෙන් සමන්විත මේ පොලිස් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් දෙදෙනෙකු කටයුතු කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයාට මේ උත්සවයට නිල ආරාධනාවක් යොමු කර තිබේ දැයි යන්න ගැන පවා මෙහිදී එම නිලධාරීන් විසින් සොයා බලා ඇත.
ඉතා වැදගත් තොරතුරු රැසක් මේ නිලධාරීන් තිදෙනා විසින් සොයාගෙන ඇති බැවින් ඉදිරි නඩු දිනයේදී ඒ සියල්ල අධිකරණය හමුවේ ගොනු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.