රනිල්ගේ එංගලන්ත සංචාරය ගැන ඉතා වැදගත් තොරතුරු රැසක් රහස් පොලිසිය අනාවරණය කර ගනියි

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නිල සංචා­ර­යක් අත­ර­තුර සිය බිරිය, මහා­චාර්ය මෛත්‍රී වික්‍ර­ම­සිංහ මහ­ත්මි­යගේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­යට සහ­භාගි වීමට ලන්ඩ­න­යට යෑම ගැන විම­ර්ශ­නය සඳහා එංග­ල­න්න­යට ගිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත‍මේ­න්තුවේ පොලිස් කණ්ඩා­යම වැද­ගත් තොර­තුරු රැසක් සමඟ මෙර­ටට පැමිණ ඇත.

මේ කණ්ඩා­යම ලන්ඩන් ‘වුල්ෆ් හැම්ටන්’ විශ්ව­වි­ද්‍යා­ල­යට ද ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳ­හන් ක‍ළේය.

සහ­කාර පොලිස් අධි­කා­රී­ව­ර­ය­කුගේ නාය­ක­ත්ව­යෙන් සම­න්විත මේ පොලිස් කණ්ඩාය‍මේ සෙසු සාමා­ජි­ක­යන් ලෙස පොලිස් පරී­ක්ෂක ශ්‍රේණියේ නිල­ධා­රීන් දෙදෙ­නෙකු කට­යුතු කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳ­හන් කළේය.

හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට මේ උත්ස­ව­යට නිල ආරා­ධ­නා­වක් යොමු කර තිබේ දැයි යන්න ගැන පවා මෙහිදී එම නිල­ධා­රීන් විසින් සොයා බලා ඇත.

ඉතා වැද­ගත් තොර­තුරු රැසක් මේ නිල­ධා­රීන් තිදෙනා විසින් සොයා­ගෙන ඇති බැවින් ඉදිරි නඩු දින­යේදී ඒ සියල්ල අධි­ක­ර­ණය හමුවේ ගොනු කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත‍‍මේ­න්තුව සූදා­න­මින් සිටින බවත් ආරංචි මාර්ග සඳ­හන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *