සැනසුම් සුසුමක් හෙළමින් කොළඹ ගංවතුර බැසයාම ඇරඹෙයි

කොළඹ දිස්ත්‍රික්කයට අධි ගංවතුර තත්ත්වයක් ගෙනා කැළණි ගඟ නාගලගම්වීදියෙන් ගංවතුර බැසයාම  ආරම්භ වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙතෙක් අඩි 8.50ක් ලෙස පැවති ජල මට්ටම අද පස්වරු 2.00 වනවිට අඩි 8.45ක් ලෙස අඩු වුණා.

එම මට්ටම මේ වනවිට අඩි 8.40ක් ලෙස බැස තිබෙන බැවින් ගංවතුර බැසයාම ආරම්භ වී ඇති බවට තහවුරු කෙරෙනවා. 

කැලණි ගඟේ හංවැල්ල ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයද තවදුරටත් බැසයමින් පවතින බවයි වාර්තාවේ වී ඇත්තේ. 

මල්වතු ඔය තන්තිරිමලෙන් අධි ගංවතුර ද බැසයමින් පවතින අතර මේ වනවිට එහි ජල මට්ටම මීටර් 9.43ක් පමණ වනවා. 

කෙසේවෙතත් යාන් ඔය හොරොව්පතානෙන් ද අත්තනගලු ඔය දූනමලෙන් ද කළු ගඟ රත්නපුරෙන් ද තවමත් අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතියත් එහි ද ජලය බැසයාම ආරම්භ වී තිබෙන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *