මාලදිවයින ඉතිහාසසේ ලොකුම කැම්පේන් එක – පැය 30ට ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියනයක් එකතු කරයි

පෞද්ගලිකව මම හිතන්නේ මේක වෙන්න ඇති මාලදිවයිනේ ඉතිහාසෙටම කරපු ලොකුම කැම්පේන් එක. තවම පැය 30ක් වගේ වෙන්නේ.. දැනටමත් ඩොලර් මිලියනයකට (රුපියල් මිලියන 300) ආසන්න ගානක් ලක්ශ 5ක වගේ මුලු ජනගහනයක් ඉන්න මේ පුංචි රටේ මිනිස්සු අපි වෙනුවෙන් එකතු කරලා.. ලොකු ලොකු රටවල් ඇබරෙද්දි මේ පුංචි දූපත් සමූහයේ ඉන්න මිනිස්සු සුපිරිම ගේමක් ගහනවා. රජයේ ආයතන, පෞද්ගලික ආයතන, මාධ්‍යය, පාසල්, ලොකු / පොඩි ව්‍යාපාර, බැංකු, රාජ්‍ය නොවන සංවිධාන, විදෙස් ශ්‍රමිකයන් මේ ඔක්කොම එකතු වෙලා මේ ගහන ගේම ගැන කියන්න වචන නෑ.. මාලදිවයින් පොලීසියෙන් විතරක් රුපියල් මිලියන 48කට අධික මුදලක් දුන්නා. ටීවී චැනල් මුල ඉදල එක දිගටම ලයිව් යනවා.. මොබයිල් නෙට්වර්ක්ස් නොමිලේ ලංකාවට දුරකථන ඇමතුම් පහසුකම් දීලා.. අතේ තියන කීය කීය හරි ගෙනල්ලා දාන්න පුලුවන් විදියට තැන් තැන් වල කලෙක්ෂන් බොක්ස් තියලා.. ඊට අමතරව මෙහෙ වැඩ කරන ලාංකීය ජනතාවට වෙන වෙනම උදව් කරලා හොයලා බලලා හැම දෙයක්ම කරනවා.. මේ වගේ වෙලාවක මේ ගහන ගේම අමතක නොකල යුතුමයි.. අන්තිමට කියන්න ඕන අපි වාසනාවන්තයි මේ තරම් සුන්දර රටක, මේ තරම් සුන්දර මිනිස්සු එක්ක, මේ තරම් හොද ආයතන වල වැඩ කරන්න ලැබීම ගැන..

මේ කැම්පේන් එක තවම ඉවර නෑ… තවමත් අධාර එකතු කරමින් තියෙන්නේ..

Source : Thilina Pandipperuma

Leave a Reply

Your email address will not be published. Required fields are marked *