ඉන්දියාවේ තමිල්නාන්ඩු ප්‍රාන්තයෙන් විතරක් මෙට්‍රික් ටොන් 95ක ආධාර තොගයක් ලංකාවට

තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින්ගේ ප්‍රධානත්වයෙන් තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරමින් සහනාධාර මෙට්‍රික් ටොන් 950ක අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නෞකාවක් කොළඹ වරාය බලා පිටත්ව තිබේ.

එම භාණ්ඩ අතරට ආහාර සහ රෙදිපිළි ඇතුළත්වන අතර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි චෙන්නායි නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය ගනේෂ්නාදන් ගීතීශ්වරන් මහතා සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදුකර ඇතැයිද සඳහන් වේ.

මෙම පරිත්‍යාගයන් අද (06) පෙරවරුවේ සංකේතාත්මකව චෙන්නායි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත පිළිගැන්වූ අතර මෙම අවස්ථාව සඳහා තමිල්නාඩු රජයේ නිලධාරීන් මෙන්ම චෙන්නයි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් රැසක්ද එක්ව සිටිහය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *