Rebuliding Srilanka වෙනුවෙන් අශෝක් ලේලන්ඩ් සමාගමෙන් ලක්ෂ 650ක වාහන පරිත්‍යාග කරයි

අද(06) දින ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වයට සවියක් වනු පිණිස රුපියල් ලක්ෂ 650ක (අගය එකතු කිරීමේ බදු අගය නොමැතිව) වටිනාකමකින් යුත් වාහන ශ්‍රි ලංකා රජය වෙත පරිත්‍යාග කරනු ලැබීය. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ 41% ක කොටස් කර්මාන්ත අමාත්‍යාංශයට අනුබද්ධිත ලංකා ලේලන්ඩ් සමාගම සතුව පවතී.

කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේ දී මෙම පරිත්‍යාගය සිදුකළ අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහ කොමසාරිස් සංතෝස් ජා මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ සභාපති මිල්ටන් අමරසිංහ මහතා සහ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි උමේෂ් ගෞතම් මහතා ඇතුළු ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ නිලධාරීන් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *