ඇමරිකානු වාර්තාවකට අනූව 2026 වසරේ ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 5 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව 2026 ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර 5 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ඒ අනුව ප්‍රවේශ වීමේ පහසුව, දේශීය මිල ගණන්, ආකර්ෂණීය ස්ථාන, සංස්කෘතිය සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය ජපානයේ ෆුජි කන්දට හිමිව ඇති අතර පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන ස්ථාන පළමු ස්ථාන 4 හිමිකරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *