සබරගමුව පළාත් සමුපකාර ව්‍යාපාරය මඟින් Rebuilding Sri Lanka අරමුදලට රුපියල් ලක්ෂ සියයක මුදල් පරිත්‍යාගයක් පිරිනැමීය. ඊට අදාළ චෙක්පත සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය වෙත රත්නපුර පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා (29) භාරදුන්නේය. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල විවිධ සේවා සමුපකාර සමිති, සණස සමිති සහ සමුපකාර ප්‍රාග්ධන සමිති එක්ව මේ මූල්‍ය ප්රදානය සිදු කරනු ලැබීය.
ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සුජීවා බෝධිමාන්න, සමුපකාර සංවර්ධන කොමසාරිස් නිෂාන්ත සමන් කුමාර, සබරගමුව පළාත් ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිලධාරි පුෂ්පකුමාර දිසානායක මහත්වරුන්ද සමුපකාර සමිතිවල සභාපතිවරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.