රට ගොඩනගන අරමුදලට සබ­ර­ග­මුව පළාත් සමු­ප­කාර ව්‍යාපා­ර­යෙන් ලක්ෂ 100ක් පරි­ත්‍යා­ග­යක් කරයි

සබ­ර­ග­මුව පළාත් සමු­ප­කාර ව්‍යාපා­රය මඟින් Rebuilding Sri Lanka අර­මු­ද­ලට රුපි­යල් ලක්ෂ සිය­යක මුදල් පරි­ත්‍යා­ග­යක් පිරි­නැ­මීය. ඊට අදාළ චෙක්පත සබ­ර­ග­මුව පළාත් ආණ්ඩු­කාර චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය වෙත රත්න­පුර පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යීය ශ්‍රව­ණා­ගා­ර­යේදී පසු­ගි­යදා (29) භාර­දු­න්නේය. රත්න­පුර සහ කෑගල්ල දිස්ත්‍රි­ක්ක­වල විවිධ සේවා සමු­ප­කාර සමිති, සණස සමිති සහ සමු­ප­කාර ප්‍රාග්ධන සමිති එක්ව මේ මූල්‍ය ප්‍රදා­නය සිදු කරනු ලැබීය.

ප්‍රධාන අමා­ත්‍යාංශ ලේකම් සුජීවා බෝධි­මාන්න, සමු­ප­කාර සංව­ර්ධන කොම­සා­රිස් නිෂාන්ත සමන් කුමාර, සබ­ර­ග­මුව පළාත් ආණ්ඩු­කාර මහ­ජන සම්බ­න්ධතා නිල­ධාරි පුෂ්ප­කු­මාර දිසා­නා­යක මහ­ත්ව­රුන්ද සමු­ප­කාර සමි­ති­වල සභා­ප­ති­ව­රුන් ඇතුළු නිල­ධා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *